මයික්‍රොසොෆ්ට් කියන්නෙ ලොව පුරා බිලියන ගණනක පරිශීලකයන් විසින් භාවිත කරන වින්ඩෝස් කියන මෙහෙයුම් පද්ධති කිහිපයක්ම නිකුත් කරලා තියෙන සමාගක්. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ වෙද්දි ඒ මෙහෙයුම් පද්ධති වලින් කිහිපයක්ම එයාලා විසින් නවතා දැමීමට කටයුතු සිදු කරලා තියෙන්නෙ. මේ අනුව වින්ඩෝස් 7, 8 සහ 10 වැනි ජනප්‍රිය මෙහෙයුම් පද්ධති සඳහා සහය දැක්වීම නවතා දැමීමට මයික්‍රොසොෆ්ට් සමාගම ඉදිරියේදී කටයුතු කරනු ඇත, මේක එයාලගෙ පරිශීලකයන්ට නව තාක්ෂණික අභියෝගයක් වෙයි කියලා හිතන්න පුළුවන් විදිහෙ කාරණයක්.
ලැබිලා තියෙන තොරතුරැ අනුව මෙයින් පසුව ඉහත සදහන් කිසිදු මෙහෙයුම් පද්ධතියක් සදහා security updates හෝ technical support ලබා දීම නතර කරන්නයි ඔවුන් සැරසෙන්නෙ.
වින්ඩෝස් 7 සහ 8 මෙහෙයුම් පද්ධති වල ද සහය මීට පෙර ඔවුන් විසින් නවතා දමන ලදී. ඒ විදිහටම වින්ඩෝස් 10 සදහා වන සහය ද 2025 ඔක්තෝබර් 14 වන දින සිට නවතා දමන්න තමයි මෙයාලා කටයුතු කරන්නෙ. මෙයින් පසුව, වින්ඩෝස් 11 වෙත Update කිරීමට හෝ වෙනත් විකල්පයක් සොයා ගැනීමට පරිශීලකයන්ට සිද්ධ වෙයි. තම පරිගණකය වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියාකරවන්න පුළුවන්ද කියලා ඔයාලට Window Health Checker Application එක මගින් දැනගන්නත් පුළුවන්.
මෙහෙයුම් පද්ධති සඳහා සහය නැවැත්වීමෙන් පසු, පරිගණකවල ආරක්ෂාව බිඳ වැටීම, නව මෘදුකාංග සමඟ නොගැළපීම සහ තාක්ෂණික සහාය නොලැබීම වැනි ගැටලු ද මතු විය හැක. විශේෂයෙන්ම ව්‍යාපාරික ආයතනවලට සහ පෞද්ගලික පරිශීලකයන්ට මෙය දැඩි අභියෝගයකි. තවද මේ නිසා Cyber Attack වැනි තර්ජනයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ද ඇත.
ඉතිං ඔයාලත් තාමත් වින්ඩෝස් 7, 8 සහ 10 භාවිත කරනවා නම් ඉදිරියේදී ඔයාලගේ දත්තවල ආරක්ෂාව සහ වැඩ වල කාර්යක්ෂමතාව තහවුරු කර ගන්න අලුතින් වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධති වෙත මාරු වීමට සිදුවනු ඇත. මයික්‍රොසොෆ්ට් හි නවතම නිෂ්පාදනය වන වින්ඩෝස් 11, ඉහළ කාර්යක්ෂමතාවක් සහ ආරක්ෂාවක් ලබා දෙන අතර, එය ඉදිරි අනාගතයට සුදුසු තේරීමක් වනු ඇත. එනම් තවත් මේ වගෙ නිවුස් එකකින් ආයෙ හම්බෙමු. ජය!
InfiTech (Pvt) Ltd



Traga
Collaboratively empower multifunctional e-commerce for prospective applications. Seamlessly productivate plug and play markets.
Traga
Collaboratively empower multifunctional e-commerce for prospective applications. Seamlessly plug and play.
Traga
Collaboratively empower multifunctional e-commerce for prospective applications. Seamlessly productivate plug and play mosque.